ග‍්‍රන්ථ සංසරණය




                                                                 පාසල් පුස්තකාලයෙ ඒකායන කාර්යය වනුයේ බොහෝ සිසුන් ප‍්‍රමාණයකට පුස්තකාල සම්පත් භාවිතයට ගැනීමේ අවස්ථා ලබාදි සිසුන්ගේ ඉගෙනුම් කි‍්‍රයාව ඉහළ මට්ටමෙන් සාර්ථක කර ගැනීමට උපරිම දායකත්වයක් ලබාදීමයි. මෙය සැලකිල්ලට ගනිමින් පාසලේ සියඑම සිසුන්ට සාමාජික මුදලක් අය නොකර සාමාජිකත්වය ලබාදී සිසුන්ගේ අධ්‍යන කටයුතු සදහා ඵලදායි ලෙස පුස්තකාලය භාවිතයට අවස්ථා සලසා දී ඇත.
 ඒ අනුව පුස්තකාලයේ පවතින පොත් සිසුන්ගේ අවශතාවයන් අනුව රැගෙන යැම සදහා, සාමාජිකත්වය ලද් සිසුන්ට වෙන් වෙන් වශයෙන් පාඨක බලපත‍්‍රයක් පන්ති මට්ටමෙන් ලබා දෙනු ඇත.

එමෙන්ම ලබා දෙනු ලබන පොත්පත් සිසුන්ට පමණක් නොව ගුරුවරුන් සදහාත් අනධ්‍යන කාර්යමණ්ඩලය සදහාත් ආදි වශයෙන් සිසුන්ගේ දැනුම පමණක් නොව අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන් සදහාත් තම තමන්ගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට  පූර්ණ අවස්ථා පුස්තකාල නීතිමය ප‍්‍රතිපත්ති වලට යටත්ව ලබා දී ඇත. 

බැහැරදීමේදි  පෞද්ගලික බැහැරදීම් සදහා ඒ ඒ ශිෂ්‍යාට වෙන්ව පවතින්නාවු පුස්තකාල පත‍්‍රිකා මගින් ද බැහැරදීම සිදුකෙරේ.  එම කාඞ්පතේ ආකෘතියක්  මෙම පාසලේ පරිඝණක තාක්ෂණය යොදා ගනිමින් පහත පරිදි නිර්මාණය කර ගෙන ඇත.



මෙලෙස බැහැරදීමේ කාඩි පතක් භාවිතා කිරිම නිසා  අප හට සුවිශේෂි වාසි අත්පත් වි ඇත. එනම්  



v ඒ ඒ පන්ති මට්ටමින් අධ්‍යන කටයුතු සදහා යොමු වන සිසුන්නේ අධ්‍යන උනන්දුව නිර්ණය කිරීමට හැකි විය.

v එමෙන්ම ඒක් එක් ශිෂ්‍යාගේ පුස්තකාල පරිහරණ වේගවත්බව.

v ඒ ඒ ශිෂ්‍යාගේ පරිශිලන රුචිකත්වය.

v බැහැරට ගෙන යන පොත් නැවත ලබා දී තිබෙද, නැද්ද යන වග පහසුවෙන් සොයා බැලීමට හැකි වීම.

v බැහැරට ගෙන යන පොත්පත් ළග තබාගත් කාලසීමාව නිරික්ෂණය කිරීමේ පහසුව.



යන කරුණු බොහාමයක් මෙම ක‍්‍රමය තුලින් අත්පත්වි ඇත.





එමෙන්ම සිසුන්ගේ අධ්‍යන කටයුතු වලදි පන්ති මට්ටමින් ව්‍යාපෘති, අධ්‍යනමය පැවරුම්, විවාද තරග සදහා කරුණු ගොනු කර ගැණීම සදහා, පර්යෙෂණ, කි‍්‍රයාකාරකම් තරග සදහා කරුණු ලබා ගැනීමට ද පුස්තකාලය පරිහරණය සිදුවේ. එම අවස්ථාවන්හිදි  පැවරුම වැනි දෑ සදහා ශිෂ්‍යන් හට කණ්ඩායම් වශයෙන් පොත් හා පුස්තකාල ද්‍රව්‍ය බැහැර දීමට සිදුවනු ඇත. ඒක් එක් කණ්ඩායම් සදහා පුස්තකාල ද්‍රව්‍ය බැහැර කිරීමේදි  කණ්ඩායම් නායකයාට  පූර්ණ වගකීම පැවරීම සිදුකරයි.  කණ්ඩායම් වශයෙන් බැහැර දීමේදි ඒ ඒ විෂය භාර ගුරු භවතුන්ගේ අනුමැතිය හා ඉල්ලීම් ලිපියක් අනුව බැහැරදීම් සිදුකරයි. එසේ කණ්ඩායම් වශයෙන් පුස්තකාල ද්‍රව්‍ය බැහැර දීමේදි සටහන් තැබීමට වෙන්ව පවත්වා ගෙන යනු ලබන ලේඛනයක් ද ඇත. එය පහත පරිදි වේ.


මෙලෙස පුස්තකාල පොත් බැහැරදිමේදි සකසාගත්  කාලය සීමවක් පවති.

                       එක් ශිෂයෙකු සදහා  සති දෙකක් පමණි එක් වරකදි එක් ශිෂ්‍යයෙකු සදහා පොත් දෙකක් පමණක් රැුගෙන යා හැකි අතර එම පෙත්  නියමිත දිනට පුස්තකාලය වෙත භාර දිය යුතුවේ. එසේ නියමිත දිනයට භාර නොදෙනා සෑම සිසුවෙකුටම දඩ මුදලක් ද අය කරනු ලැබේ. පසුවන සෑම දිනයකටම රුපියල් 8/- ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. පොත් නියමිත දිනට භාර නොදි දිගු කළක් පරිහරණයකොට එකතුවන දඩ මදල රුපියල් 500ක ට වඩා වැඩි වන්නේනම්, එම මුදල සිසුවගේ ඉල්ලීම පරිදි පුස්තකාල කමිටුවේ අනුමැතිය මත දඩ මුදල අඩුකරගත හැකිය.  

 ශිෂ්‍යයන්හට ලබා දෙන පොත් පත් සියඑම ශිෂ්‍ය, ගුරු පාඨකයන් හට සියඑම දෙනට පොදුවේ සමසේ දැනුම ලබා දීමේ අරමුණින්  පුස්තකාල කර්යය මණ්ඩලය විසින් බැහැර දෙන පොත් නියමිත දිනට නැවත පුස්තකාලය වෙත ලබා ගැනීමට හැකි සැම උත්සහයක්ම දැරීමට සැදි පැහැදි සිටියි. ඒ අනුව  දීර්ඝ දඩ මුදල් අය කිරීම් අවස්ථාවන්ට ලක් නොවී එම පොත පුස්තකාලයට ලබා ගැනීමට නිරතුරුව කටයුතු කරයි.

එනම් :-

v බැහැරවන පොත් නියමිත දිනට භාර නොදෙනා ශිෂ්‍යන් වෙත පන්ති භාර ගුරුතුමා මගින් නියමිත දිනට සතියක් ඇතුලත බාර දෙන ලෙස දන්වා සිටි.
v එසේ නොවන්නේනම් දින 3, 4 ක් කල් ගිය පසු ශිෂ්‍ය භාරකරු වෙත එම පොත භාර දෙන ලෙස ලිඛිතව දන්වීම සිදුකරනු ලැබේ.
v එසේත් භාරකරු වෙත ලිඛිතව දැනුම් දිමෙන් ද අදාල පොත නොලැබී යන්නේනම්  එම පොත නැතිවු බව සලකා එම පොත ම නැවත මිළදී ගෙන ලබා දෙන ලෙසත් එසේ එම පොත අලූතින්ම සොයා ගැනීමට නොහැකිනම් එම පොතේ වටිනාකමට වඩා වැඩි පොතක් හො එම පොතේ මිළට වඩා වැඩි මුදලක් අය කිරිම  සිදුකරයි.
v එසේත් එම පොතට අදාල මුදල ද නොලැබෙන්නේ නම් එ බව පුස්තකාලයාධිපති හා විදුහල්පති සම`ග සාකච්ඡුා කොට, නැතිවු පොත පරිග‍්‍රහන ලේඛනයෙන් ඉවත් කිරීම ස`දහා විදුහල්පතිගේ නිර්දේශය භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත්කොට කාලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතියෙන් එම පොත පරිග‍්‍රහණ ලේඛනයෙන් ඉවත් කිරීමට කටයුතු සිදු කරනු ඇත.
v පාසල් ගුරුභවතුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය ස`දහා ද බැහැර දුන් පොත ලබා නොදෙන්නේනම් ලිඛිතව දැනුම් දිම සිදු කරයි.
v ලිඛිතව දැනුම් දිම සිදුකර එසේත් එම පොත නොලැබෙන්නේනම් එය නැති වූ පොතක් සේ සලකා එම පොත වෙනුවට එම වටිනාකමට අදාල එම පොත හෝ වෙනත් පෙතක් ලබා දෙන ලෙස ලිඛිතව දැනුම් දෙනු ඇත. 
v එසේත් නැතිවු  පොතට විකල්ප පොතක් නෙලැබෙන්නේනම් විදුහල්පති ම`ගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත දැනුම් දී  ඔහුගේ හෝ ඇයගේ වැටුපෙන් එම පොතේ වටිනාකම අය කරගන්නා ලෙස දැනුම් දීම සිදුකරනු ලබයි.

  
තොග සමීක්ෂණය හා ග‍්‍රන්ථ අපහරණය.

                 සැම ආයතනයකම වර්ෂ අවසානයේ තොග සමීක්ෂණය සිදු කරන අතර පාසල් පුස්තකාලය තුල ද තොග සමීක්ෂණ කාර්යය සිදුකරයි. සෑම වසරකම වර්ෂය අවසානයේ දෙසැම්බර් 31 දිනට පුස්තකාල කාර්යමණ්ඩලය මගින් සියඑම පොත් පත් සංගණනය කිරීම සිදුකරනු ලබයි. එසේ පොත්  සංගණනය කරනු ලබන්නේ පරිග‍්‍රහන ලේඛනයේ තිබෙනා අනුපිළිවෙලටය. මෙලෙස පරිග‍්‍රහන ලේඛනයෙ තිබෙනා ආකාරයෙන් පොත් අනුපිළිවෙලට සංගණනය කිරීමේදි නැති වූ පොත් මෙන්ම අබිලි වු පොත් වෙන් වෙන් වශයෙන් සටහන් තබා ගැනීම සිදු කරයි. මෙලෙස කරන්නා වු සංගණන ලැයිස්තුව කොටස් හතරක් වශයෙන් බෙදා වෙන් කර සංගණන ලැයිස්තුව කොටස්  හතරකට  සකසාගනු ලබයි. පොත් පත් පමණක් නොව පුස්තකාලයේ පවතින මුද්‍රිත නොවනා සියඑම භාණ්ඩ තොග සමීක්ෂණයට ලක් කරයි. 

v පුස්තකාලයේ පවතින මුද්‍රිත නොවනා සියඑම භාණ්ඩ බඩුවට්ටෝරු පොතේ සටහන් කරන ආකාරය


දෙවන පිටුව



තොග සමීක්ෂණයට පෙර, දෙසැම්බර් 31 දිනයට  පුස්තකාල  මුද්‍රිත (පොත්) හා මුද්‍රිත නොවනා සියඑම ද්‍රව්‍ය සංගණනයකොට එම ද්‍රව්‍ය වෙන වෙනම  මු. රෙ. පොදු:66 ආකෘති පත‍්‍රයෙහි සටහන් කරගනි.  මෙහිදි පුස්තකාල පොත් මු. රෙ. පොදු:66 ආකෘති පත‍්‍රයේ සටහන් කිරීමේදි  පොත් වර්ග කර ඇති වර්ගීකරණ පිළිවෙලට සටහන් තබයි. එය පහත පරිදි වේ.

බඩු වට්ටෝරු පොතේ  ලේඛනගත බඩු පොදු 66 ආකෘතියේ සටහන් කිරීම. 


පරිග‍්‍රහණ ලේුඛනගත පොත් පොදු 66 ආකෘතියේ සටහන් කිරීම. (සුචියට අනුව)

මෙලෙස සෑම වර්ෂයකදී ම සිදුකරනා සංගණනයක දීම භාවිතයට ගත නොහැකි අබලි වී ගිය පොත් හා නැතිවී ඇති පොත් පිළිබදව වෙන් වෙන් වශයෙන්  ‘‘නැති වු පොත් ලේඛනය’’  හා ‘‘අබලි වී ගිය පොත් ලේඛනය’’ ලෙස ලේඛන දෙකක් පවත්වගෙන යනු ඇත. එය පහත පරිදි වේ.
‘‘නැති වු පොත් ලේඛනය’’  හා ‘‘අබලි වී ගිය පොත් ලේඛනය’’


v නැතිවු පොත් ලේඛනය


මෙම නැතිවු පොත් ලේඛණයේ  සදහන් පරිදි පරිග‍්‍රහණ අංක 1545 පොත නැතිවී ඇති හෙයින්, පරිග‍්‍රහණ ලේඛනයෙන් කපා ඉවත් කර ඇත. 

v අබිලි පොත් ලේඛණය


මෙම අබිලි පොත් ලේඛණයේ  සදහන් පරිදි පරිග‍්‍රහණ අංක 1543 පොත භාවිතයට ගතනොහැකි හෙයින්, පරිග‍්‍රහණ ලේඛනයෙන් කපා ඉවත් කර ඇත.

  එමෙන්ම පුස්තකාල පාවිච්චියට ගතනොහැකි ‘‘අබිලි’’ පොත්,  ‘‘අබලි වී ගිය පොත් ලේඛනය’’ ට අනුව ‘‘ප‍්‍රයොජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛනය පොදු 47’’ ආකෘති පත‍්‍රයේ සටහන් කරනුලබයි. එය පහත පරිදි වේ.
‘‘නැති වු පොත් ලේඛනයෙ’’ නැතිවු පොත්  පරිග‍්‍රහණ ලේඛනයෙන් කපා ඉවත්කිරීම.
                           මෙහිදි අබලි වී ගිය පොත් නැවත සංරක්ෂණය කිරීමට හැකියාවක් ඇත්නම් එම පොත් නැවත අලවා හෝ පොත් බැදීමක් සිදුකර නැවත පාවිච්චියට ගනු ලැබේ.

පුස්තකාල පරිහරණ භාණ්ඩ මු.රේ  පොදු 66 ආකෘති පත‍්‍රයේ සටහන් තබන අතර භාවිතයට ගත නොහැකි භාණ්ඩ ‘‘ප‍්‍රයොජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛනය පොදු 47’’ ආකෘති පත‍්‍රයේ සටහන් කරනුලබයි. 

භාණ්ඩ සමීක්ෂණය සදහා  පුස්තකාල ද්‍රව්‍ය සියල්ල මේ ආකාරයෙන් සුදානම් කිරීම දෙසැමිබර් මස 31 දිනට සිදුකළ පසු, ඊට පසු ලබන්නා වූ අවුරුද්දේ ජනවාරි පෙබරවාරි, මාර්තු මාස කිහිපය ඇතුළත, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මගින්  පාසලේ භාණ්ඩ සමීක්ෂණය සදහා කලාප කාර්යාලයෙන් පත්කර එවනා නිළධාරින්  පැමිණෙන දිනය දන්වා  විදුහල්පති හට ලිපි මාර්ගයෙන් දැනුමි දීම් සිදුකර භාණ්ඩ සමීක්ෂණය  ස`දහා අදාල නිළධාරීන් එදිනට පැමිණේ. 

එහිදි එම නිළධාරින් විසින්, ඉහත සකස්කළ සංගණන වාර්ථා  පරීක්ෂා කර බලා පරිහණයට ගත නොහැකි ‘‘අබිලි’’  පොත් පත් හා භාණ්ඩ  ‘‘ප‍්‍රයොජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛනය පොදු 47’’ ආකෘති පත‍්‍රයේ  එමපොත් ස`දහා කුමන් පියවරක් ගන්නේද යන්න  S-ද,D-ද,R-ද,T-ද, යන්න සටහන් තබනු ලබයි.


v S - ( ප‍්‍රයෝජනයට ගත නොහැකි බැවින් විකිණිය යුතුය)
v D- ( ප‍්‍රයෝජනයට ගත නොහැකි බැවින් විනාශ කළ යුතුය)
v R - ( ප‍්‍රතිසංස්කරණය කළ හැකි බැවින් ඉතිරිකොට තබාගත යුතුය)
v T - ( ප‍්‍රයෝජනයට ගත නොහැකි බැවින් ප‍්‍රසිද්ධ ටෙන්ඩර් මගින් විකිණීම සදහා වරාය ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත යැවිය යුතුය)

 පසුව එය,   එම පුස්තකාල ද්‍රව්‍යය සදහා  කුමක් කළයුතු ද යන්න,  ලිඛිත වාර්තාවක් පාසලට සපනු ලබයි. ඒ අනුව එම ද්‍රව්‍යයන්ට අදාල වු කි‍්‍රයාමාර්ග සිදුකරයි.

එමෙන්ම පුස්තකාලයේ නැති වු පොත් පත් නැවත ලබා ගැනීමට කිසිසේත්ම නොහැකි වන්නේනම්  පරිග‍්‍රහණ ලේඛනයෙන්  එම පොත් ඉවත් කරනු ලබයි.

No comments:

Post a Comment