පුස්තකාල සාමාජිකත්වය දෙස බැලිමේදි බොහෝ පාසල් පුස්තකාලයන්හි, එහි සාමාජිකත්ය ලබා ගැනිම සදහා සාමාජික මුදලක් අය කරනු ලබයි. නමුත් මෙම පාසලේ සාමාජිකත්වය දෙස බැලිමේදි සුවිශේෂි බවක් ගනි. එනම් පාසල් පුස්තකාල සාමාජිකත්වය ශිෂ්‍යය ශිෂ්‍යාවන්ට පමණක් නොව අධ්‍යන/අනධ්‍යන කාර්කමණ්ඩලයටද හිමිවේ. ඔවුන්ගේ දැනුම කලින්කලට යාවත්කාලීන කරලමින් පාසලේ අධ්‍යන කටයුතු සංවර්ධනය කිරිමේ අරමුණින් පුස්තකාල පරිහරණ ට සාමාජික මුදලක් අයනොකරනු ලබයි. මෙමගින් සියල්ලන්ට සමසේ දැනුම ගලා යැමක් ද සිදුවේ. සියලුම සාමාජිකයන් හට සාමාජික කාඞ්පතක් නිකුත් කිරීම සිදුකරනු ලබයි.
v පුස්තකාලය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමේ අරමුණින් තමා ලද් සාමාජිකත්වය වෙනයම් පුද්ගලයෙකුට පැවැරීම නොහැක.
v පුස්තකාල සේවා කළමනාකරණය.
මෙම පුසුතකාලයේ පුස්තකාල කලමණාකරණය දෙස බැලිමේදි වැදගත්ම අංගයක් ලෙස පුස්තකාල කමිටුව විශේෂත්වයක් ගනි. ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් සේ තවම විධිමත්ව ඉගෙනුම් කළමණාකරණ කටයුතු සිදු නොවන අතර එය විධිමත් ලෙස සිදු කිරීමේ අරමුණින් , පාසල් පුස්තකාල කමිටුවක් හා ව්‍යවස්ථාව සකසාගෙන ඇත. නමුත් තවම එය අනුමත කරගෙන නොමැත.
පාසලේ දැක්ම අනුව යමින් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන දැක්මක් සකසා ගෙන ඇත. පාසලේ දැක්ම හා පුස්තකාල දැක්ම ඉලක්ක කර ගනිමින් පුස්තකාල කටයුතු සියල්ල සිදු කරනු ලබයි.
පුස්තකාල කළමනාකරණ කටයුතු සිදුකිරීමේදි එය සාර්ථකව කරගෙන යාම ස`දහා එම පාසලට උචිත වු අභිමතාර්ථ හා රීති පැවතිය යුතුය. පුස්තකාල රීති සුරුකීම තුලින් පුස්තකාල අභිමතාර්ථ අනුව යමින් ඉලක්ක ගත වුු දැක්ම කරා ගමන්කළ හැක.
v එමෙන්ම පුස්තකාල ව්‍යවස්ථාව ද පුස්තකාල කළමනාකරණයේ එක් අංගයකි. පාසලක පුස්තකාලය ව්‍යවස්ථාව සකසනු ලබන්නේ එම පාසලේ අධ්‍යන කටයුතු කරනා සිසුන්ගේ දැනුම විධිමත් ලෙස පුලුල් කිරිම සදහාත් සියලු දෙනාට එම දැනුම සම සාදාරන ලෙස ලබා දිම සදහාත් පාසල් පුස්තකාලයේ සංවර්ධනය කිරීම සදහාත් ඵලදායිව ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලිය සාර්ථක කරගැනීම සදහාත් ය. ඒ අනුව මෙම පාසල සදහා සුදුසු ව්‍යවස්ථාවක් සකසා ගෙන ඇත.
v පාසලේ සහ පුස්තකාලයේ දැක්ම, මෙහෙවර, පිලිබද විශේෂ අවධානයක් සහිතව හා පුස්තකාලයට උචිත ව සකසා ගත් අභිමතාර්ථ සකසාගෙන ඇත.
01. පාසලේ ”ඉගෙනීමට ඉගෙනීමේ” සංස්කෘතියක් ඇති කිරීම
02. ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට උචිත විවිධ විකල්ප ඉගෙනුම් අවස්ථා සම්පාදනය.
03. ස්වයං ඉගෙනුම් කි‍්‍රයාකාරකම් හා කණ්ඩායම් ඉගෙනුම් කි‍්‍රයාකාරකම් දිරිගැන්වීම.
04. කි‍්‍රයාකාරකම් හා නිපුණතා පාදක නව විෂයමාලාව කි‍්‍රයත්මක කිරීම සදහා දායක වීම.
05. තොරතුරු සාක්ෂරතාව හා නිපුණතා ප්‍රවර්ධනය හා විමර්ශනාත්මක දක්ෂතා ප්‍රවර්ධනය.
05. පාසලේ විධිමත් හා අවිධිමත් විෂයමාලාව තහවුරු කිරීම සදහා උපකාර කිරීම.
06. කියවීම් රුචිකත්ව ප්‍රවර්ධනය හා භාෂා දක්ෂතා ප්‍රවර්ධනය.
v මෙම අභිමතාර්ථ අනුව යමින් පාසල තුළ අධ්‍යන කටයුතු කරනා සිසුන්ගේ ඉල්ලූම අනුව සැපයුම සිදුකිරීම සදහා පුස්තකාල අරමුදලක් පවත්වාගෙන යනුලබයි.
v ඒ අනුව සිසුන්ගේ ඉල්ලූම් හදුනාගැනීම සදහා ‘‘ඇණවුම් පොත, පොත් නාමාවලි’’ යනුවෙන් ඇණවුම් කිරීමේ ලේඛන පවත්වාගෙන යනු ඇත.
v පුස්තකාල සාමාජිකත්වය ලබා දීමේදි සියල්ලටම සාමාජිකත්ව මුදලක් අයකිරීමක් නොමැතිව පුස්තකාල සාමාජිකත්වය ලබා දීම සිදුකරයි. සෑම සාමාජිකයෙක් හටම සාමාජික කාඞ්පතක් ලබාදීම සිදුකරයි. සාමාජික කාඩිපතක් ලබා දෙන අතර එම කාඞ් පතෙහිම පිටුපස පොත් බැහැර දිමේදි ලබාගෙන යායුතු අවසර ලද් කාඩිපතක් ද පවත්වාගෙන යනු ලබයි. පොත් බැහැරට ලබා දෙන සටහන් තබනා කාඞ් පතේ අවසර ලබා දෙන කාඩි පත නොමැතිනම්,.. එමගින් පුස්තකාලයාධිපති හට, එම කාඞ්පතට අදාල පුද්ගලයා පොතක් රැුගෙන ගියේ ද නැද්ද, ගෙන ගිය පොත් නැවත භාර දී ඇද්දැයි සෙවිමට පහසුවකි.
පොත් බැහැර දීමේදි එක් ශිෂයෙකු සදහා සති දෙකක කාලයක් පමණක් පොත් ලග තබාගත හැක. එක් වරකදි එක් ශිෂ්‍යයෙකු සදහා පොත් දෙකක් පමණක් රැගෙන යා හැකි අතර එම පෙත් නියමිත දිනට පුස්තකාලය වෙත භාර දිය යුතුවේ. එසේ නියමිත දිනයට භාර නොදෙනා සෑම සිසුවෙකුටම දඩ මුදලක් ද අය කරනු ලැබේ. පසුවන සෑම දිනයකටම රුපියල් 8/- ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. පොත් නියමිත දිනට භාර නොදි දිගු කළක් පරිහරණයකොට එකතුවන දඩ මදල රුපියල් 500ක ට වඩා වැඩි වන්නේනම්, එම මුදල සිසුවාගේ ඉල්ලීම පරිදි පුස්තකාල කමිටුවේ අනුමැතිය මත, දඩ මුදල අඩුකරගත හැකිවන පරිදි පුස්තකාල රීතිය කළමණාකරණය කර ගෙන ඇත.
v පුස්තකාල ලේඛන කළමනාකරණය ද පුස්තකාල කළමණාකරනයේ තවත් සුවිශේෂි අංගයකි. ඒ අනුව පරිග්‍රහන ලේඛනය, පුස්තකාල විශේෂ අවස්ථාවන් සටහන් කර තැබීම සදහා පුස්තකාල ලොග් පොත, ඇණවුම් යෝජනා පොත, පොත් නාමාවලි එකතුව හා නාමාවලි ගොනුව, ඇගයිම් වාර්තා ගොනුව, යන එන ලිපි ගොනුව, පුවත්පත් කැපුම් එකතුව, ආදි ලේඛන හා ලිපි ගොනු පවත්වාගෙන යනු ලබයි.
v පුස්තකාල භාවිතයේදි සිසුන්ට වෙන් කර ඇති කාලච්ඡේද තුළදි පමණක් පුස්තකාල භාවිතයට අවස්ථාව ලබා දීම සිදුකරයි.
v ගැරුවරුන් නොමැති නිදහස් කාල පරිච්ඡේද වලදි අංශ ප්‍රධාන හෝ විදුහල්පති ගේ අවසරය මත පුස්තකාල භාවිතයට අවස්ථාව ලබා දිම සිදුකරයි.
v සිසුන් පාසල් කාලයෙන් පසුව පුස්තකාලය භාවිතා කරන්නේනම් විදුහල්පතිගේ අවසරය මත පුස්තකාල භාවිතයට අවස්ථා ලබා දීම සිදුකරයි.
No comments:
Post a Comment