පාසල් පුස්තකාලය තුළ පාසල් පුස්තකාල එකතුව ලෙස සලකනු ලබන්නේ එම පාසලේ අධ්‍යාපන කටයුතු කරගෙන යනු ලබනා ශිෂ්‍ය ශිෂයාවන්ගේ ඉගෙනිම් ඉලක්ක සාර්ථක කර ගැනීමට හා අධ්‍යන කාර්යමණ්ඩලයේ ගුරු භවතුන්ගේ ඉගැන්වීම් කටයුතු සාර්ථකව සිදු කිරීම සදහාත් යෝදාගන්නා මුද්‍රිත හා මුද්‍රිත නොවනා සියලු ම මාධ්‍යයන් වේ.
අප පාසලේ පුස්තකාලය බොහෝ කාලයක් පැවතියේ සාම්ප්‍රධායික පුස්තකාලයක් ලෙසටය. නමුත් නව අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට අනුව පුස්තකාලය ඉගෙනුම් කටයුතු සදහා ඍජු දායකත්වයක් සැපයීමේ අරමුණින් ‘‘ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය’’ බවට පත් විය. ඒ අනුව මෙම පාසල තුල ද ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට ඍජු දායකත්වයක් සැපයීමේ අරමුණින්, පවතින පුස්තකාලය ඉගෙනුම් ඉගැන්විමේ කි‍්‍රයාවලියට සුදුසු ආකාරයෙන් පුස්තකාල සම්පත් හා ද්‍රව්‍යයන් ක්‍රමක්‍රමයෙන් සකසාගෙන යමින් පවති. එම අරමුණ සාර්ථක කරගැනීම සදහා සීමිත පුස්තකාල සම්පත් ප්‍රමාණයක් මෙම පාසල සතුව පවති එනම් එය මෙසේය.
අප පුස්තකාලය සතු පුස්තකාල සම්පත්
මෙලෙස මුද්‍රිත හා මුද්‍රිත නොවන වශයෙන් මෙම පාසල තුළ ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට සම්පත් සංවර්ධනය වෙමින් පවති.
v ප්‍රතිග්‍රහණය
පාසලේ , පාසල් පුස්තකාලය සදහා පොත් හා අනෙකුත් ද්‍රව්‍ය ලබා ගැනීමේදි විශේෂයෙන් එම පාසලේ ක්‍රියාත්මක වන අංශ සහ විෂයමාලාවන් පිළිබදව විශේෂ අවධානය යොමු කල යුතු වේ. එනම් විවිධාකාරයෙන් විවිධ ක්‍රම ඔස්සේ ලබා ගන්නා පොත් හා අනෙකුත් ද්‍රව්‍ය එම පාසලේ උගන්වන විෂයමාලාවට හා ශිෂ්‍ය ඉගෙනුම් ඉලක්ක සදහා ඍජු අවශ්‍යතාවයන් සපුරාලිමක් සිදුවන ද්‍රව්‍ය විය යුතුය.
එනම්, මෙලෙස අවශ්‍යතා අනුව පමණක් පොත් පත් ලබාගැණිම තුලින් අර්ථවත් ලෙස පුස්තකාල පරිහරණයට යොමුවීම සිදුවේ. පුස්තකාලය තුළ අනවශ්‍ය පොත් පත් තබාගෙන ඉඩකඩ ආදිය නාස්ති නොකර තබාගැනීමට හැකි වීමත්, එමෙන්ම නෙසැලැකිලිමත්ව ලබාගන්නා පොත් පත් සදහා සිදුවන නිරපරාද මුදල් නාස්තිය වලක්වා ගැනීමත් සිදුකරගත හැකි වේ.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පාසල තුළ පොත් පත් හා පුස්තකාල ද්‍රව්‍යය ලබා ගැනීම සිදු කරයි.
මෙම පාසල ද්වීතියික පාසලකි. ඒ හෙයින් පාසල තුළ කි‍්‍රයාත්මක වන විෂය මාලාවන් ලෙස පවතින්නේ ද්විතික අංශයක් සේ ද්විතියීක විෂයමාලවක් සහ උසස්පෙළ විෂය මාලාවකි. පාසල තුල ප්‍රාථමික අංශය නොපවතින හෙයින් ප්‍රාථමික විෂයමාලවක් කි‍්‍රයාත්මක නොවේ.
මෙය සැලකිල්ලට ගනිමින් පාසල් පුස්තකාලය සදහා සම්පත් ලබාගැනිමේදි හය ශ්‍රේණියේ සිසුන්ගේ සිට උසස්පෙළ සිසුන්ගේ අධ්‍යන කටයුතු සදහා පොත් පත් ලබා ගැනිම සිදුකරයි. එසේ පොත් පත් පුස්තකාලය සදහා ලබා ගැනිමේදි මෙම පාසල තුළ ක්‍රම කිහිපයකට පොත් පත් ලබාගැනීම සිදුකරයි. එනම්
01 සිසුන්ගේ අධ්‍යයන උනන්දුව මත අධ්‍යන කටයුතු සාර්ථක කරගැනීම සදහා ‘‘ඇණවුම් යෝජනා පොත’’ භාවිතා කිරීම සිදුකරයි. (එසේ සිදුකිරීම තුලින් සිසුන්නේ අධ්‍යන උනන්දුව තීරණය කිරිමට හැකියාව ලැබි ඇත.)
02. ඇණවුම් යොජනා පොතට අමතරව පොත් පත් මිළදී ගැනීමේදි පන්ති මට්ටමෙන් ගුරුවරුන්ගෙන් හා සිසුන්ගෙන් ‘‘අවශ්‍යතා ලේඛනයක් ලබාගැනීම’’ සිදුකරයි.
03. සිසුන් පාසල් හැර යාමේදි, ගුරුභවතුන් විශ්‍රාම හා මාරුවි යාමකදි, සිසුන්ගේ උපන්දින හා ස්ව කැමැත්තෙන් කරනා පරිත්‍යාග යන ක්‍රමවේදයන් ඔස්සේ පුස්තකාලය සදහා පොත් ලබාගැනීම සිදුකරයි. එසේ පොත් ලබා ගැනීමේදි බලකිරීමකින් තොරව ස්ව කැමැත්තෙන්ම ලබා ගැනීම සදහා සිත් ගන්නා නිසැදැස් පද්‍යය තුලින් ස්තූතිය පුදකිරිමේ පති‍්‍රකා නිර්මාණය කරගෙන ඇත. එමගින් පොත් ලබා දෙන්නාගේ සිතට ආනන්දයක් ඇතිකිරීම නිසා මෙම ක්‍රමය සාර්ථක වී ඇත.
උපන් දින පොත් පරිත්‍යාග සදහා
පාසල් හැර යන ගුරු වරුන්ගේ පොත් පරිත්‍යාග සදහා
මෙලෙස ලබාගන්නා පුස්තකාල ද්‍රව්‍ය මිළදි ගැනීමකදි අධ්‍යාපන අමාත්‍යංශය හා අධ්‍යාපන සේවා අමාත්‍යංශය ඒකාබද්ධව නිකුත් කර ඇති අංක 07/2013 දරණ ‘‘ පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය ස`දහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබද චක්‍රලේඛය හා මාර්ගෝපදේශ අත්පෙතෙහි’’ 12 වගන්තියෙ සදහන් ප්‍රසම්පාදන කි‍්‍රයාවලියට අදාලව විධිවිධාන අනුගමනය කෙරේ. එමෙන්ම මෙලෙස මිළදිගත් පුස්තකාල ද්‍රව්‍ය සදහා ගෙවිම් සිදුකිරීමේදි පාසලෙන් අනුමත කරගත් මිළදී ගැනීම් සදහා මුද්‍රිත අංක සහිත බිල්පත් ලබාගැනීම කෙරේ. එසේ ලබා ගන්නා බිල්පත් අංක කර පොදු 35 වවුචරයක් ම`ගින් පුස්තකාලයාධිපතිගේ නිර්දේශය හා විදුහල්පතිගේ අනුමැතිය මත වියදම් පිළිබද සටහන් තැබිම හෝ අත්තිකාරම් මුදල් පියවීම සිදුකරයි. එමෙන්ම මෙ සෑම ආකාරයකින්ම ලබාගන්නා පුස්තකාල ද්‍රව්‍යය බඩු වට්ටෝරු භාණ්ඩ ලේඛනයට ඇතුලත් තර පොදු 219 ලැබීම් නියෝගයක් නිගුත් කරනු ලබයි. එමෙන්ම පරිත්‍යාග ආදි මිළදී ගැනිම් නොවන්නේනම්, එහි මුල් පිටපතක් ද්‍රව්‍ය ලබාගත් ආයතනය වෙත යැවිම සිදුකරයි. එමෙන්ම මෙසේ ලබාගත් හා ලැබුනාවු ද්‍රව්‍ය පාසල් විෂයමාලාවට යෝග්‍ය වන්නේදැයි පරික්ෂා කරනුලබයි. ඉන්පසුව එම පොත්පත් පරිග්‍රහන ලේඛනයේ සටහන්කොට එම ලේඛනය සහතික කරගනු ලබයි. පරිත්‍යාග ලෙස ලැබුනා වු ද්‍රව්‍ය පරිග්රහණයට ඇතලත් කොට එම පරිග්‍රහන අංක සහිතව ස්තූති ලිපියක් සකස්කර පරිත්‍යාග ලබාදුන් ආයතනයට හෝ පොත් ලබාදුන්නන් සදහා යැවිම සිදුකරයි.
මේ ආකාරයෙන් අප පාසලේ ප්‍රතිග්‍රහණ කි‍්‍රයාවලිය සිදුකරනු ලබයි.
v වර්ගීකරණය
මෙම පාසල තුළ මෙතෙක් විධිමත් වු වර්ගීකරණයක් සිදුකර නොමැත. මේ වනතෙක් පවතින්නේ සාමාන්‍යයෙන් විෂයානුබද්ධව හා එයට අදාළව ගැලපුම් සහිතව රිසි සේ සකසා ගත් ප්‍රාථමික තත්වයෙන් යුතු වර්ගීකරණයකි. නමුත් පාසල් පුස්තකාලය ‘‘ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක්’’ සේ ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට යෝග්‍ය වන පරිදි සිය`එම කටයුතු සිදුකරමින් යන අතර ශිෂ්‍යයන්ගේ අධ්‍යන කටයුතු සාර්ථක කරගෙන යෑමේ අරමුණින්, පවතින වර්ගීකරණය‘‘ඞීවී දශම’’ වර්ගීකරණයට වර්ගකරමින් යනු ඇත.
දැනට පවතින වර්ගීකරණය මේසේය මෙය අධ්‍යන කටයුතු කරනා සිසුනට තොරතුරු සොයා ගැනීමේදි ගැට`එ සහගත තත්වයන් උදාවී ඇත.
මේ ආකාරයෙන් අවිධිමත් ආකාරයෙන් රිසි සේ සකසාගත් පොත් වර්ගකිරීමක් පවති.
vසුචිකරණය
අධ්‍යන කටයුතු සදහා තොරතුරු සොයා පුස්තකාලය වෙත පැමිණෙන පාඨකයාට අපහසුතාවයකින් තොරව ඉතා පහසුවෙන් තමාට අවශ්‍යය වන පොත ලබා ගැනීම සදහා මෙම සුච්කරණය පුස්තකාලයට ඉතාම වටිනා අංගයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව මෙම පාසල තුල මෙතෙක් සුචිකරනයක් අනුව යමින් පොත් වෙත පිවිසිමේ ක්‍රමයක් නොතිබිනි. මෙම හේතුව නිසා සිසුන්ට පහසුවේ. තොරතුරු සොයා ගැනීමට ඉතා අපහසුතාවයකට පත්වීමට සිදුවි තිබුනි. නමුත් ගුරුවරයෙක් ලෙස පුස්තකාලය භාරව සිටිනා අප පුස්තකාලයාධිපති ‘‘ගුරු පුස්තකාලයාධිපති පුහුණු වැඩසටහන’’ ට සහභාගී විමෙන් අනතුරුව මෙම පුස්තකාලය ක්‍රමක්‍රමයෙන් ඉගෙනුම් මධ්‍යස්ථානයකට සුදුසු වන පරිදි කටයුතු හා ක්‍රමවේදයන් සකස් කරගෙන යමින් පවති. ඒ අනුව අප පාසල තුල ‘‘ඞීවී දශම ’’ වර්ගීකරණයට පොත් වර්ග කරගෙන යන අතර , අප පාසලට සුදුසු වන ආකාරයේ සුචි කරනයක් පරිඝණකය උපයෝගි කරගනිමින් සකසාගෙන ඇත. එය පහත පරිදි මෙසේය.
A succesfull short brief note.
ReplyDeleteVery good lesson
ReplyDeleteGood lesson.thanks all
ReplyDelete